අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත රසකැවිලි සහ කෝපි යන්ත්‍රයක් රැගත් ස්පේස් - එක්ස් රොකට්ටුව හෙට උඩු ගුවනට යැවීමට අපේක්ෂා කෙරෙනවා.
එය අද නික්මීමට නියමිතව තිබුණද කුණාටුවලින් බර අහස් කුස එය පමා කළ බවයි ඇමරිකානු වාර්තා සඳහන් කළේ.
ෆෝල්කන් රොකට්ටුව කැනවරල් තුඩුවෙන් හෙට උඩු ගුවනට නික්මෙන්නේ රසකැවිලි ඇතුළු රාත්තල් 4000 ක් බරැති ආහාර සහ පර්යේෂණ උපකරණද සමඟයි.
එහිදී ඉතාලිය විශේෂයෙන් සැපයූ ලවාසා සහ එක්ස්ප්‍රෙසෝ විශේෂ කෝපි නිෂ්පාදන උපකරණයක්ද උඩු ගුවනට රැගෙන යනවා.
ඒ, පසුගිය නොවැම්බරයේ ජාත්‍යන්තර ගඟන මධ්‍යස්ථානය වෙත ගිය ඉතාලි ගඟනගාමිනී සමන්තා ක්‍රීස්ටෝෆොරෙටි වෙනුවෙන්.
http://www.vox.com/2015/4/13/8383151/spacex-watch-live-launch-landing-stream
ReplyDelete