නවසඳ බැලීම
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 22 වැනි ඉරිදා දින අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් 23 වැනි බ්‍රහස්පතින්දා දිනද නව සඳ බැලීමට මැනවි.
පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමට
අප්‍රේල් මස 13 සඳු දින දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදීම මැනවි.
පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමට
අප්‍රේල් මස 13 සඳු දින දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදීම මැනවි.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා දින අ.භා. 01.47ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා දින පූ.භා. 7.23 සිට එදින අ.භා. 8.11 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වැනි දින පූ.භා. 7.23ට පළමුව ආහාර ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් 14 වැනි දින අ.භා. 1.47 සිට අ.භා. 8.11 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී සුබ නැකැත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.
ආහාර පිසීම
අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා අ.භා. 2.05ට රතු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරැසී නැඟෙනහිර දිසාව බලා ළිප් බැඳ ගිනි මොළවා දී කිරි හා උක් හකුරු මිශ්‍ර රතු කැකුළු කිරිබතක් සහ විලඳ මිශ්‍ර කැවිලි මිශ්‍ර ආහාරයක් සකස් කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා අ.භා. 2.42ට රතු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරැසී නැඟෙනහිර දිසාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
හිස තෙල් ගෑම
අප්‍රේල් මස 15 වැනි බදාදා පූ.භා. 9.06ට දකුණු දිශාව බලා හිසට කොහොඹ පත්‍රද, පයට කොළොන් පත්‍රද තබා ළා කොළ (හරිත) පැහැති වස්ත්‍රාභරණයෙන් සැරැසී තෙල් සහ කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.
රැකියා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වැනි සිකුරාදා පූ.භා. 6.03ට සුදු, නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරැසී හකුරු සහ තල මිශ්‍ර කිරිබතක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.
සේවා අවශ්‍යතා සඳහා පිටත්ව යෑම
ඉහත දිනයට නොහැකිනම් අප්‍රේල් මස 22 වන බදාදා පූර්වභාග 6.02ට ළා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තල මිශ්‍ර කිරිබතක් අනුභව කොට නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.
නානු සෑදීමට යෝග්‍ය වන ඔෟෂධ
කලාඳුරු අල, කුම්කුමප්පු, සුදුහඳුන්, විෂ්ණුක්‍රාන්ති, ගෝරෝචන, සස්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරම් මුල්, සැවැන්දරා, නෙළුම් දඬු, ගොඩමානෙල් අල, බෙලි මුල්, වෙනිවැල්ගැට, ඊතණ ඔෟෂධ වර්ග 14 සමව ගෙන තළා නැවුම් මැටි මුට්ටියක බහා තම්බා පත අට දෙකට සිඳගන්න.
ඉන්පසු දිවුල් පත්‍ර කොටා එහි යුෂ දෙහි ඇඹුලද ඉහත සඳහන් දියරයට දමා මිශ්‍ර කර බූමටුල්ලකින් හෝ පිරිසුදු කපු රෙදි කඩකින් පෙරා ගත් විට ලැබෙන දියරය නානුය.
හිසතෙල් සඳහා ගන්නා තෙල් වර්ග
මෙලෙස සාදාගත් නානුද තෙල්ද තල තෙල්, මී, අබ, කොහොඹ, එඬරු සහ තෙල් පස්වර්ගය (පස් තෙල්) ගා ස්නානය කරනු මැනවි. (හිසතෙල් ගෑමේ නානු වට්ටෝරුව ඉපැරැණි පුස්කොළ පත්ඉරුවකින් උපුටා ගන්නා ලද්දකි)
ඉහත සඳහන් නැකැත් වේලාවන් සකසා ඇත්තේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සිංහල අවුරුදු නැකැත් කමිටුව විසිනි.
No comments:
Post a Comment