Tuesday, April 14, 2015

බීමත් රියැදුරන් හඳුනා ගැනීම සඳහා නවතම උපකරණයක් පොලීසියට


බීමත් රියැදුරන් හඳුනා ගැනීම සඳහා නවතම උපකරණයක් පොලීසිය වෙත හඳුන්වාදී ඇති බව පොලීසිය පවසයි. ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන ලද මෙම යන්ත්‍රය ඇල්කොලයිසර් නමින් හඳුන්වයි. එම යන්ත්‍රය යොදා ගනිමින් බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට රථවාහන පොලීසිය තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම ඇල්කොලයිසර් යන්ත්‍රය මගින් බීමත් රියැදුරන් පහසුවෙන් හඳුනාගත හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි. මේ වනවිට ඇල්කොලයිසර් යන්ත්‍ර කිහිපයක්ම මෙරටට ගෙන්වා දිවයිනේ ප්‍රධාන පොලිස් ස්ථාන කිහිපයකට බෙදාදී ඇති බවද වාර්තා වෙයි.

                    බීමත් රියැදුරෙකුව මෙම යන්ත්‍රයට සමීපයෙහි රඳවා එකේ සිට විසි හතර දක්වා ගණන් කිරීමේදී එම යන්ත්‍රයේ නිල් පැහැති තීරයේ රතු පැහැති සංඥාවක් විහිදෙන්නේ නම් බීමත්ව සිටින බව පෙන්නුම් කරන බවත් කොළ පැහැති එළියක් විහිදුනේ නම් අදාළ පුද්ගලයා බීමතින් තොරව සිටින අයෙක් බව පෙන්නුම් කරන බවද පොලීසිය පවසයි. එසේ බීමත්ව සිටින බව එම යන්ත්‍රයෙන් සනාථවීමෙන් පසුව එහි ඇති ප්ලාස්ටික් බටයක් බීමත් රියැදුරාට මුඛයෙන් පිඹීමට සැළැස්වීමෙන් එහි දිවෙන මීටරයකින් ඔහු කෙතරම් ඇල්කොහොල් ප්‍රමාණයක් පානය කර සිටින්නේද යන්න පෙන්නුම කරන බවද පොලීසිය වැඩිදුරටත් පැවසයි.

එසේම අදාළ පුද්ගලයා බීමත්ව සිටින අල්කොහොල් ප්‍රමාණය එම යන්ත්‍රයන් නිකුත් කරන පත්‍රිකාවක සටහන් වන බවත් එය බීමත් රියැදුරු අතට පත්කොට පොලීසිය ඔහුට විරුද්ධව නීතිමය කටයුතු සිදු කරන බවද පොලීසිය පවසයි.

No comments:

Post a Comment