Wednesday, May 13, 2015

අගමැති රනිල්ට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

පසුගිය ජනාධිපතිවරණයට පෙර 2014 නොවැම්බර් 21 වැනි දින මාධ්‍ය හමුවක් පවත්වමින් එවකට ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා තමා ජයග්‍රහණය කළහොත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කරන බවට කළැයි කියන ප්‍රකාශය අල්ලස් දීමක් බව කියමින් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා මිට සුළු මොහොතකට පෙර අල්ලස් කොමිසමට පැමිණිල්ලක් බාර දෙනු ලැබිය.

1981 අංක 15 දරණ ජනාධිපතිවරණ පනත අනුව ජනාධිපතිවරණයේදී තමන්ගේ ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා තනතුරු පොරොන්දු වීම, තනතුරු ලබාදීම මෙන්ම තනතුරු බාර ගැනීම ද අල්ලස් වරදක් වේ. ඒ අනුව ජනාධිපති සිරිසේන මහතා ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා කටයුතු කිරීම වෙනුවෙන් තනතුරක් පොරොන්දු වීම සහ ලබාදීම යන වැරදි ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තනතුරක් භාර ගැනීම යන වරදද සිදු කර ඇතැයි පැමිණිල්ලේ දැක්වේ.

No comments:

Post a Comment