පසු ගිය කාලය පුරාවට විවිධ හැලහැප්පීම් වලට ලක් වූ ජනතා විමුක්ති පෙරමුණ යලිත් දෙදරීමට ලක්වී ඇත.
ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අද හදිසි සාකච්ඡාවක් කැඳවා මාධ්‍යවේදීන් හට පවසා සිටියේ තමුන් පක්ෂ සාමාජිකත්වයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්වූ බවත් ඉදිරියේදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බවත්ය.
88-90 කාල පරිච්ඡේදයේදී සියලු නායකයින් ඝාතනය කොට දේශපාලනයෙන් අතුගා දැමු තත්වයට පත්ව තිබු පක්ෂය යලි නගා සිටුවීමේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ සෝමවංශ මහතායි.
රටේ ප්‍රධාන පක්ෂ දෙක කෙරෙහි ජනතාවගේ විශ්වය පළුදු වෙමින් පැවතීම සතයක් වුවත් පසුගිය කාලසීමාවේදී ඊට වැඩ වේගයෙන් ජවිපෙ කෙරෙහි පැවති ජනතා විශ්වාසය බිඳී ගිය බව ඔහු පවසා සිටියේය.
තමුන්ට පක්ෂය සමඟ කලකිරීමක් නැති නමුත් ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත දේශපාලන පක්ෂය මගින් රෝහණ විජේවීර 'සහෝදරයාගේ' ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යනවා සේම සාමාජිකයන්ට තමන් අදහන ආගමක් නිදහසේ ඇදහිය හැකි වාතාවරනයක් පක්ෂය තුල ඇති කරන බවත් පැවසිය.
No comments:
Post a Comment