Tuesday, April 14, 2015

අවසර නැතිව ගිනිකෙළි විකුණුවොත් අත් අඩංගු වට ගන්නවා - පොලිසිය

                       

   ගිනිකෙළි භාණ්ඩ අලෙවි කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හා ඒවා අලෙවි කිරීමේ ස්ථාන පිළිබඳව අදාළ පළාත් පාලන ආයතනවලින් ද විශේෂ අවසරයක් ගතයුතු අතර එවැනි බලපත්‍ර නොමැතිව ගිනිකෙළි අලෙවි කරන වෙළෙඳුන් අත්අඩංගුවට ගෙන දඩ ගැසීමට හෝ නඩු පැවරීමට හෝ හැකි බව ද පොලීසිය පවසයි.




එමෙන් ම ඒවා මිලදී ගැනීමේ දී ද මහජනතාව ඒ නිසි ප්‍රමිතියෙන් යුතු ගින‍ිකෙළි භාණ්ඩ දැයි පරීක්ෂා කර බලන ලෙස ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එමෙන් ම ගිනිකෙළි භාණ්ඩ පරිහරණයේදී ඒවා කුඩා දරුවන් ආශ්‍රිතව නොකරන ලෙස ද කුඩා දරුවන්ට ඒවා භාවිතා කිරීමට ඉඩ නොදෙන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විශේෂයෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

No comments:

Post a Comment