Tuesday, April 14, 2015

ජාතික ලොතරැයි මණ්ඩලයේ රු.මිලියන 375ක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා


ජාතික ලොතරැයි මණ්ඩලයේ රු.මිලියන 375ක් පසුගිය රජය සමයේ මැතිවරණ ප්‍රචාරක ඇතුළු දේශපාලන කටයුතු සඳහා යොදාගනු ලැබ ඇති බව එහි සභාපතිනී ශ්‍යාමිලා පෙරේරා මහත්මිය සඳහන් කළාය.

මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිනිය මෙසේ අදහස් පළ කළාය.

අවසර නැතිව ගිනිකෙළි විකුණුවොත් අත් අඩංගු වට ගන්නවා - පොලිසිය

                       

   ගිනිකෙළි භාණ්ඩ අලෙවි කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හා ඒවා අලෙවි කිරීමේ ස්ථාන පිළිබඳව අදාළ පළාත් පාලන ආයතනවලින් ද විශේෂ අවසරයක් ගතයුතු අතර එවැනි බලපත්‍ර නොමැතිව ගිනිකෙළි අලෙවි කරන වෙළෙඳුන් අත්අඩංගුවට ගෙන දඩ ගැසීමට හෝ නඩු පැවරීමට හෝ හැකි බව ද පොලීසිය පවසයි.

19 විධායක බලය පාර්ලිමේන්තුවට

           රාජ්‍ය පාලන තන්ත්‍රයේ සහ රටේ පොදු යහපත වෙනුවෙන් ඉදිරිපත් කිරීමට යෝජිත දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා කිසිදු ආකාරයකින් රට අස්ථාවර නොවන බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නීතීඥ අජිත් පී. පෙරේරා මහතා අවධාරණය කරයි. 
               මේ හරහා අවම විධායක බලතල සහිත ජනාධිපතිවරයකු යටතේ පාර්ලිමේන්තුව ශක්තිමත් වන බව පෙන්වාදෙන නියෝජ්‍ය ඇමැතිවරයා ඒ තුළන් අගමැතිවරයා ශක්තිමත් වනවා යනු මිථ්‍යාවක් බවද අගමැතිවරයා යනු තනි මතයට කටයුතු කළ නොහැකි ඇමැති මණ්ඩලයේම සමාන පුද්ගලයන් අතර ප්‍රමුඛයකු බවද කියාසිටී.

වැඩි මිලට බඩු විකුණන්නන්ට දැඩි දඬුවම්

         උත්සව සමයේදී නියමිත මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා පවසයි.

          විශේෂයෙන් ඇසුරුම් කරන ලද භාණ්ඩවල ලේබලයේ නිෂ්පාදනකරු හෝ ආනයනකරු පිළිබඳව නිවැරැදිව සටහන් විය යුතු බව ද අමාත්‍යවරයා තවදුරටත් පැවැසීය. 

සමුහ දුෂණ වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදා හරියි.

ඉන්දියාවේ සුනීතා ක්‍රිෂ්ණා නමැති කාන්තාවක් සංස්කරණය කරපු සමුහ දුෂණ වීඩියෝ පටයක් පසුගිය පෙබරවාරි මාසයේ අන්තර්ජාලයට මුදා හැර තිබේ.

එවැනි තවත් වීඩියෝ නමයක්  ඇය විසින් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත රසකැවිලි

       අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත රසකැවිලි සහ කෝපි යන්ත්‍රයක් රැගත් ස්පේස් - එක්ස් රොකට්ටුව හෙට උඩු ගුවනට යැවීමට අපේක්ෂා කෙරෙනවා. 

එය අද නික්මීමට නියමිතව තිබුණද කුණාටුවලින් බර අහස් කුස එය පමා කළ බවයි ඇමරිකානු වාර්තා සඳහන් කළේ. 

ජවිපෙ ගැහුවා - පුබුදු ජයගොඩ

            තම ගන්නෝරුවේ පිහිටි කාර්යාලයට පහරදීමට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජයගොඩ මහතා කියයි.
           මතවාදී වශයෙන් තමන්ට එල්ලවන අභියෝග බාහු බලයෙන් මැඩ පැවැත්වීමට ජවිපෙ උත්සාහ කරන බවද ඒ මහතා කීවේ එම පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ ජවිපෙ ක්‍රියාකාරීන් බවයි.