Wednesday, May 13, 2015
නේපාලයේ සහනකටයුතුවලට යොදවා තිබූ ඇමෙරිකානු හමුදා හෙලිකොප්ටරයක් අතුරුදන්
නේපාලයේ සහනකටයුතුවලට යොදවා තිබූ ඇමෙරිකානු හමුදා හෙලිකොප්ටරයක් අඟහරුවාදා සවස සිට අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමරිකානු නාවික භටයන් හය දෙනකු හා නේපාල සහන සේවකයන් දෙදෙනකු සමග පියාසර කරමින් සිටිය දී මේ යානය අතුරුදන්ව ඇතැයි පෙන්ටගනය ප්‍රකාශ කරයි.
අගමැති රනිල්ට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
පසුගිය ජනාධිපතිවරණයට පෙර 2014 නොවැම්බර් 21 වැනි දින මාධ්‍ය හමුවක් පවත්වමින් එවකට ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා තමා ජයග්‍රහණය කළහොත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කරන බවට කළැයි කියන ප්‍රකාශය අල්ලස් දීමක් බව කියමින් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා මිට සුළු මොහොතකට පෙර අල්ලස් කොමිසමට පැමිණිල්ලක් බාර දෙනු ලැබිය.
පෙත්සම විභාගයට ගන්නා තෙක් ගෝඨා අත්අඩංගුවට ගන්න එපා
Thursday, April 16, 2015
රියැදුරු නැතිව දුම්රියක් ධාවනය වේ.
රියැදුරු නැතිව කිලෝමිටර 26 ක් ධාවනයවූ දුම්රියක් ගැන බංගලි දේශයෙන් වාර්තා වේ.
බංගලාදේශයේ ෆරිඞ්පූර් සිට රජ්බාර්හි බලා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රිය රජ්බාර් දුම්රිය ස්ථානයට පැමිණ නැවත ෆරිඩ්පූර් බලා ධාවනය කිරීමට සූදානම් කර තිබියදී මෙම අබග්ගය සිදුව තිබේ.
ජවිපෙ කෙරෙහි පැවති ජනතා විශ්වාසය බිඳී ගියා - ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ
පසු ගිය කාලය පුරාවට විවිධ හැලහැප්පීම් වලට ලක් වූ ජනතා විමුක්ති පෙරමුණ යලිත් දෙදරීමට ලක්වී ඇත.
ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අද හදිසි සාකච්ඡාවක් කැඳවා මාධ්‍යවේදීන් හට පවසා සිටියේ තමුන් පක්‍ෂ සාමාජිකත්වයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්වූ බවත් ඉදිරියේදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බවත්ය.
Tuesday, April 14, 2015
රන් කිලෝ ග්රෑම් 4.2 අත්අඩංගුවට
ගුවන් තොටුපළ රේගුව ඉන්දියාවට දහවල් රන් කිලෝ ග්රෑම් 4.2 රැගෙන යාමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයින් 2 අත්අඩංගුවට ගෙන තිබේ.
රේගු මාධ්යය පකාශක ලෙස්ලි ගාමිණී පකාශ කලෙ රන් තොගය රුපියල් මිලියන 21 ක් වටිනා බවයි.
බීමත් රියැදුරන් හඳුනා ගැනීම සඳහා නවතම උපකරණයක් පොලීසියට
බීමත් රියැදුරන් හඳුනා ගැනීම සඳහා නවතම උපකරණයක් පොලීසිය වෙත හඳුන්වාදී ඇති බව පොලීසිය පවසයි. ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන ලද මෙම යන්ත්‍රය ඇල්කොලයිසර් නමින් හඳුන්වයි. එම යන්ත්‍රය යොදා ගනිමින් බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට රථවාහන පොලීසිය තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම ඇල්කොලයිසර් යන්ත්‍රය මගින් බීමත් රියැදුරන් පහසුවෙන් හඳුනාගත හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි. මේ වනවිට ඇල්කොලයිසර් යන්ත්‍ර කිහිපයක්ම මෙරටට ගෙන්වා දිවයිනේ ප්‍රධාන පොලිස් ස්ථාන කිහිපයකට බෙදාදී ඇති බවද වාර්තා වෙයි.
ජාතික ලොතරැයි මණ්ඩලයේ රු.මිලියන 375ක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා
ජාතික ලොතරැයි මණ්ඩලයේ රු.මිලියන 375ක් පසුගිය රජය සමයේ මැතිවරණ ප්‍රචාරක ඇතුළු දේශපාලන කටයුතු සඳහා යොදාගනු ලැබ ඇති බව එහි සභාපතිනී ශ්‍යාමිලා පෙරේරා මහත්මිය සඳහන් කළාය.
මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිනිය මෙසේ අදහස් පළ කළාය.
අවසර නැතිව ගිනිකෙළි විකුණුවොත් අත් අඩංගු වට ගන්නවා - පොලිසිය
ගිනිකෙළි භාණ්ඩ අලෙවි කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හා ඒවා අලෙවි කිරීමේ ස්ථාන පිළිබඳව අදාළ පළාත් පාලන ආයතනවලින් ද විශේෂ අවසරයක් ගතයුතු අතර එවැනි බලපත්‍ර නොමැතිව ගිනිකෙළි අලෙවි කරන වෙළෙඳුන් අත්අඩංගුවට ගෙන දඩ ගැසීමට හෝ නඩු පැවරීමට හෝ හැකි බව ද පොලීසිය පවසයි.
19 විධායක බලය පාර්ලිමේන්තුවට
රාජ්‍ය පාලන තන්ත්‍රයේ සහ රටේ පොදු යහපත වෙනුවෙන් ඉදිරිපත් කිරීමට යෝජිත දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා කිසිදු ආකාරයකින් රට අස්ථාවර නොවන බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නීතීඥ අජිත් පී. පෙරේරා මහතා අවධාරණය කරයි.
මේ හරහා අවම විධායක බලතල සහිත ජනාධිපතිවරයකු යටතේ පාර්ලිමේන්තුව ශක්තිමත් වන බව පෙන්වාදෙන නියෝජ්‍ය ඇමැතිවරයා ඒ තුළන් අගමැතිවරයා ශක්තිමත් වනවා යනු මිථ්‍යාවක් බවද අගමැතිවරයා යනු තනි මතයට කටයුතු කළ නොහැකි ඇමැති මණ්ඩලයේම සමාන පුද්ගලයන් අතර ප්‍රමුඛයකු බවද කියාසිටී.
වැඩි මිලට බඩු විකුණන්නන්ට දැඩි දඬුවම්
උත්සව සමයේදී නියමිත මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා පවසයි.
විශේෂයෙන් ඇසුරුම් කරන ලද භාණ්ඩවල ලේබලයේ නිෂ්පාදනකරු හෝ ආනයනකරු පිළිබඳව නිවැරැදිව සටහන් විය යුතු බව ද අමාත්‍යවරයා තවදුරටත් පැවැසීය.
විශේෂයෙන් ඇසුරුම් කරන ලද භාණ්ඩවල ලේබලයේ නිෂ්පාදනකරු හෝ ආනයනකරු පිළිබඳව නිවැරැදිව සටහන් විය යුතු බව ද අමාත්‍යවරයා තවදුරටත් පැවැසීය.
සමුහ දුෂණ වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදා හරියි.
අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත රසකැවිලි
අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත රසකැවිලි සහ කෝපි යන්ත්‍රයක් රැගත් ස්පේස් - එක්ස් රොකට්ටුව හෙට උඩු ගුවනට යැවීමට අපේක්ෂා කෙරෙනවා.
එය අද නික්මීමට නියමිතව තිබුණද කුණාටුවලින් බර අහස් කුස එය පමා කළ බවයි ඇමරිකානු වාර්තා සඳහන් කළේ.
එය අද නික්මීමට නියමිතව තිබුණද කුණාටුවලින් බර අහස් කුස එය පමා කළ බවයි ඇමරිකානු වාර්තා සඳහන් කළේ.
ජවිපෙ ගැහුවා - පුබුදු ජයගොඩ
තම ගන්නෝරුවේ පිහිටි කාර්යාලයට පහරදීමට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජයගොඩ මහතා කියයි.
මතවාදී වශයෙන් තමන්ට එල්ලවන අභියෝග බාහු බලයෙන් මැඩ පැවැත්වීමට ජවිපෙ උත්සාහ කරන බවද ඒ මහතා කීවේ එම පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ ජවිපෙ ක්‍රියාකාරීන් බවයි.
මතවාදී වශයෙන් තමන්ට එල්ලවන අභියෝග බාහු බලයෙන් මැඩ පැවැත්වීමට ජවිපෙ උත්සාහ කරන බවද ඒ මහතා කීවේ එම පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ ජවිපෙ ක්‍රියාකාරීන් බවයි.
ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය ප්‍රශ්න කරයි.
Monday, April 13, 2015
Subscribe to:
Posts (Atom)







.jpg)








